brand logo

ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක් අතවරයට ලක්වෙයි

24 February 2022

ජල කාන්දුව පරීක්ෂා කරන්න ආපු පුද්ගලයා තරුණියට කරන්න හදපු දේ

ජනප්‍රිය මෝස්තර නිරූපිකාවකට දූෂණය කිරීමට තැත් කළ බවට පුවතක් වාර්තා වේ. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ ඉෂ්කි බොරා (Ishika Borah) නමැති මෝස්තර නිරූපිකාව බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉෂ්කි මේ සම්බන්ධයෙන් මුම්බායි හි ඔෂිවරා පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් ද සිදුකර ඇත. ඇය එම පැමිණිල්ලදි පවසා ඇත්තේ මනීෂ් ගුප්ටා නමැති පුද්ගලයා විසින් තමන්ට අතවර සහ දූෂණය කිරීමට තැත් කළ බවයි. අදාළ පුද්ගලයා තම නිවසේ ජල ගැටළුවක් පරීක්ෂා කරන මුවාවෙන් පැමිණ තමන්ව ලිංගික අපයෝජනයට ලක් කිරීමට දැඩි උත්සාහයක් ගත් බවයි.

සැකකරු ඇගේ ශරීර බලහත්කාරයෙන් ඇල්ලූ බවත්, ඊට එකග නොවීම හේතුවෙන් ඇයට පහරදුන් බවට ඉෂ්කි විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් මුම්බායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.    
 

More News..