brand logo

ජනප්‍රිය නළු වරුන් ධවාන්ට කොවිඩ්

07 December 2020

ජනප්‍රිය ඉන්දිය නළු වරුන් ධවාන් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජග් ජග් ජෙයෝ (Jug Jugg Jeeyo)චිත්‍රපටියට රංගනයෙන් එක්වෙමින් සිටියදී ඔහුට මෙම වෛරසය ආසාදනයවී ඇති බවටයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. මෙම චිත්‍රපටියේ නිළියක වන නීතු කපූර් සහ එහි අධ්‍යක්ෂ රාජ් මේතා යන අයට ද මීට පෙර කොරෝනා ආසාදනයවී තිබු බව ද සඳහන් වේ. වරුන් ධවාන් සහ රාජ් මේතා රූගත කිරීම් කරමින් සිටි චන්ඩිගාර්හි නිරෝධානයට වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් අනිල් කපූර් සහ කියාරා අද්වානිට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..