brand logo

ජනප්‍රිය ඉන්දීය ගායක බාලසුබ්‍රමනියම් මියයයි

25 September 2020

කොවිඩ්-19 රෝගයට ගොදුරු වී සිටි ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් මිය ගොස් තිබේ. ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය. කොරෝනා වෛරසය ආසාදනය වී අගෝස්තු මාසයේ අගෝස්තු 05 වනදා ඔහු චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු අතර අද (25) පස්වරු එකට පමණ ඔහු මියගිය බව වාර්ථා විය. පසුගිය 22 වනදා වනවිට ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවර වෙමින් පැවතුණද ගතවූ පැය 24 තුළ එම රෝගී තත්වය උත්සන්න වූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. නිතරම සිනහ මුසු මුහුණින් සිටි බාලසුබ්‍රමනියම්ගේ අකල් වියෝව දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයට විශාල පහරකි. ඔහු ගායකයෙකු, නළුවෙකු, සංගීත අධ්‍යක්ෂවරයකු, හඬ කැවීමේ ශිල්පියකු ලෙසද මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස විවිධ භාෂාවලින් කටයුතු කර ඇත. 1966 වසරේ තෙළිඟු සිනමා පටයකින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි එස්.පී. බාලසුබ්‍රමනියම් වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කිරීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාව දිනාගෙන සිටියේද බාලසුබ්‍රමනියම්ය.
 

More News..