brand logo

ජනපති හා අගමැති විශේෂ කාරක සභාව හමුවට ගෙන ඒමට තීරණයක්

24 June 2019

පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද ඉදිරියේදී සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවන බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකුගෙන් වාර්තා වෙයි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැඳවීමේ බලයක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
 

More News..