brand logo

ජනපති හදිසියේම වැලිකඩට

11 February 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (10 වැනිදා) පස්වරුවේ වැලිකඩ නව මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. කලින් දැනුම්දීමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිවරයා බන්ධනාගාරයට ගොස් රැඳවූවන් සමග කතාබස් කොට ඔවුන්ගේ සැපපහසුකම් ගැන විමසනු ලැබීය. විනාඩි 30ක පමණ කාලයක් බන්ධනාගාරයේ ගත කළ ජනාධිපතිවරයා එහි ඇති සියලුම අඩුපාඩු නිරීක්ෂණය කළේය. එල්.ටී.ටී.ඊ. සිරකරුවන් අසලට ගොස් ඔවුන්ට ඇති ප්‍රශ්න පවා විමසීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. ජනාධිපතිවරයා බන්ධනාගාරයට යන මොහොතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් අමාත්‍යංශයේ සාකච්ඡාවකට එක්ව සිට ඇති අතර ජනාධිපතිවරයා පැමිණි බව දැනගත් වහාම ඔහු එහි පැමිණ තිබේ. මෙහිදී බන්ධනාගාරගත කිරීම අඩු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. පොලිසියේ වරදින් තමන්ට නිකරුණේ නඩු දමා ඇති බව රැඳවූවෝ පිරිසක් මෙහිදී කෑගසමින් ජනාධිපතිවරයාට පවසා තිබේ. හේමන්ත ලියනපතිරණ https://youtu.be/Sti3ALwdj_w
 

More News..