brand logo

ශ්‍රීලනිපය ජනපති සහ අගමැති හමුවීමට සැරසෙයි

11 February 2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අරුණට පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි. එළඹෙන මහ මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බව ද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය. ඉදිරි මහ මැතිවරණයට අදාලව නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේය. පක්ෂයේ ප්‍රති සන්ධාන කටයුතු කඩිනමින් අවසන් කිරිමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..