brand logo

ජනපති සමාව ලැබූ රෝයල් පාර්ක් ඝාතකයාට රටින් පිටවීම වළක්වන නියෝගයක්

29 November 2019

ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය නියම වී සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නිකුත් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ලබා දුන් , ජනාධිපති සමාවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදී ය. මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ , බුවනෙක අළුවිහාරේ , විජිත් මලල්ගොඩ හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල විසිනි. කෙසේ වෙතත් ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නමැත්තා මේ වන ිවටත් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
 

More News..