brand logo

ජනපති සමග රට හදන්න බලය දෙන්න

11 July 2020

රට කඩිනමින් ගොඩ නැංවීමේ වැඩපිළිවෙලක් ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කෑගල්ල නව නගර ශාලාවේ පැවති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. මේ එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැක්වු අදහස් එදා යුද්ධය නිමා කරන්න ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ සතු ක්ෂණිකව නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව විශාල පිටුවහලක් වුණා. ඔහු ඒ වගේම කොරෝනා වසංගතය මර්දනය කරන්නත් ක්ෂණික තීන්දු ගත්තා. අපට ක්ෂණික තීන්දු ගත හැකි ජාතික නායකත්වයක් ලැබීම භාග්‍යයක්. ඒ වගේම රට ඉක්මනින් ගොඩනැංවීමේ වැඩපිළිවෙළක් අපට තියෙනවා.
ඉදිරියේ පිහිටුවන ආණ්ඩුවක් යටතේ රට ගොඩනඟන ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ජනතාවගේ වගකීමක්. මේ වන විට රට පුරාම එජාප පාක්ෂිකයන් විශාල වශයෙන් පොහොට්ටුව වටා එකතු වෙනවා. ඒ නිසා අපට 2/3ක බලයක් ලබා ගන්න පුළුවන්.
 

More News..