brand logo

ජනපති රුව යොදා ගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදු කිරීමේ උත්සහයක්

12 February 2021

ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ. මෙම පණිවිඩය ක්ලික් කිරීමේදී වෙබ් අඩවියකට පිවිසීමක් සිදුවන අතර එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව දැක්වෙන චයාරූපයක්ද දැකගැනීමට හැකිවිය. මෙවැනි ව්‍යාජ පණිවිඩ හරහා අනිෂ්ට මෘදුකාංග ඔබගේ ජංගම දුරකතනයට ස්ථාපනය වීම, ඔබගේ සංවේදී දත්ත හා සමාජ මාධ්‍ය ගිණුම් පැහැරගැනීමට ලක්වීම සිදුවිය හැකි බවශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් සඳහන් කරයි.
 

More News..