brand logo

ජනපති මෛත්‍රීගෙන් නව ජනපති ගෝඨාභයට උණුසුම් සුබ පැතුම්

17 November 2019

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි. ශ්‍රී ලංකාවේ හය වැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) දින ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කළ අතර, එහිදී ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශයේ දී ද තේරි පත්වන නව ජනාධිපතිවරයා වෙනුවෙන් සිය සුබ පැතුම් පළකරමින් ඔහුගේ ඉදිරිකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය. මේ අතර ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ එම සියලුදෙනා හා එක්ව තම උතුම් මාතෘ භූමිය සහ ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන් යුතුව තමා විසින් ඉටුකළ වගකීම් හෙට දිනයේ ද ඉටුකිරීම අධිෂ්ඨානය බවයි.
 

More News..