brand logo

ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල හමුවක් අද පස්වරුවේ

19 July 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වයන් පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිත බව වාර්තා වන අතර ඇතැම් දිස්ත්‍රික්කවලට අධික වැසි හේතුවෙන් මතුව ඇති ආපදා තත්ත්වයන් මෙන්ම දිස්ත්‍රික්ක කිහිපයක පවතින වියළි කාලගුණ තත්ත්වය පිළිබදව වෙන් වෙන් වශයෙන් අවදානය යොමු කරනු ඇති.
 

More News..