brand logo

Update - ජනපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය දීර්ඝ කෙරේ

01 October 2019

සිදුවන විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතවෙරයා කළ ඉල්ලීම අනුව නිල කාලය දීර්ඝ ඇති බව එම කොමිසම සඳහන් කළේය. ජනපති විමර්ශන කොමිෂන් සභාව මේ වසරේ ජනවාරි මස 22 වනදා පත් කළ අතර එහි පළමු නිල කාලය ජුලි මස 22 වනදායින් අවසන් විය. -----------------------------------------------------------------------------------------------------

ජනපති පරීක්ෂණ කොමිසමේ නිල කාලය අවසන්

රාජ්‍ය ආයතනවල පසුගිය සිව් වසර තුළ වංචා හා දූෂණ සොයන ජනපති විමර්ශන කොමිසමේ නිල කාලය ඊයේ (30) මැදියම් රැයෙන් අවසන් වී ඇත. සිදුවන විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව එම කොමිසම සඳහන් කළේය. මෙම වසරේ ජනවාරි මස 22 වනදා ජනපති විමර්ශන කොමිෂන් සභාව පත් කළ අතර එහි පළමු නිල කාලය ජුලි මස 22 වනදා අවසන් විය. රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි 1343 ක් ලැබුණු බව ජනාධිපති කොමිසම සඳහන් කළේය. පොලිස් ඒකකය විසින් ඉන් 137 ක්වි මර්ශනයට ලක් කර ඇති අතර පැමිණිලි 22 ක් කොමිසම හමුවේ විභාගයට ගෙන ඇත.
 

More News..