brand logo

ජනපති අද පරිසර සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වයි

25 January 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. සමුළුව සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ආසියානු ශාන්තිකර කලාපීය රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමාත්‍යවරු හා නියෝජිතයෝ සහභාගි වනවා. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරයේදී ඊයේ (24) එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවුණා. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමක් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයින්ගේ අවධානය යොමු වුණ. දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව මේ වනවිට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබදව හලීමා යේකුබ් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රසංශාව පළ කළා.
 

More News..