brand logo

ජනපති නියෝගයටද පයින් ගසා ප්‍රති අපනයනයට කජු ගෙන්වන්න හදයි

01 February 2020

ප්‍රති අපනයනය කිරීමට තහනම් කරමින් ජනපතිවරයා කළ නියෝගයද උල්ලංඝනය කරමින් ප්‍රති අපනයනය කිරීම සඳහා කජු මෙට්‍රික් ටොන් 500ක් දිවයිනට ගෙන්වීමට ප්‍රබල ඇමැතිවරයකුගේ මාර්ගයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වේ. මේ වන විට වයඹ පළාතේ කජු ගොවීන්ගේ වගා බිම්වල කජු මල් පිපී තිබේ. මාර්තු සහ අප්‍රේල් මාසවලදි අස්වනු නෙළීම ආරම්භ කරයි. එහෙත් එම කාලය වන විට කජු තොග ලංකාවට ගෙනැවිත් ප්‍රති අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව කජු ගොවීහු පවසති. මෙම නිසා තම නිෂ්පාදනවලට නිසි මිලක් නොලැබෙන බවට ඔවුහු චෝදනා කරති. මේ දිනවල දිවයින පුරා කජු හිඟයක් පවතින බව කජු සංස්ථාවේ ඉහළ නිලධාරීන් අමාත්‍යාංශයට දැනුම් දී කජු ආනයනය කිරීමට ඉහත කී ව්‍යාපාරිකයන් සූදානම් වන බවද දැනගන්නට තිබේ. උදයජීව ඒකනායක
 

More News..