brand logo

ජනපති ධුර කාලය ගැන අධිකරණ මතය විමසීම දේශපාලන මට්ටමින්

14 April 2019

ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනු ලබන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමේ අදිටනින් බව දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිගේ ධුර කාලය වසර පහක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වසර 5ක ධුර කාලය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිතය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කථානායකවරයා අත්සන් තබා ඇත්තේ 2015 ජුනි 22 වැනිදා වුවත් එදා සිට එය බලපාන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර පවසන්නේ 2015 ජූලි 21 වැනි දින සිට වසර 5ක් ගණනය කළහොත් 2020 ජුනි මාසයේ නැවත ජනාධිපතිවරණයක් පැවත්විය යුතු බවයි. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වසර හතර හමාරකින් ලැබෙන අතර ඒ අනුව 2020 පෙබරවාරි මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවේ. මේ අතර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ ශිරාල් ලක්තිලක සිය මුහුණු පොතේ සටහනක් තබා ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1 (3) වගන්තිය අනුව ‘‘මීළඟ ජනාධිපතිවරණය පවත්වන්නේ 2019 නොවැම්බර් නොව 2020 අගෝස්තුවේ බවයි.
 

More News..