brand logo

ජනපති ගෝඨා ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

29 November 2019

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා අද (29) පෙරවරුවේ හමු විය. මෙම හමුව සිදුවූයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීය. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවය රාෂ්ඨ්‍රපතිභවන් හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එම උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා මහත්මා ගාන්ධි පිළිරුවට පුෂ්ප උපහාර දැක්වීමට නියමිතව තිබේ. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
 

More News..