brand logo

ජනපති ගත් තීන්දුවෙන් බන්දුල දෙලොවක් අතර

13 June 2021

ගෙන්නන්න දෙන්නෙත් නෑ -  මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ

සහල් මිල පාලනය කිරීම සඳහා පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජීවන වියදම් කමිටුවේ දී කළ ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇත. [caption id="attachment_150994" align="alignnone" width="572"] පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ඉල්ලලා[/caption]

වෙළෙඳ අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් කළ මෙම ඉල්ලීමද අමාත්‍ය මණ්ඩලයද ප්‍රතික්ෂේප කර තිබුණි. පොන්නි සම්බා ආනයනය කර ස.තො.ස. ශාඛා මගින් අලෙවි කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී තිබේ.

[caption id="attachment_150995" align="alignnone" width="461"] බන්දුල ගුණවර්ධන[/caption]  
නමුත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සහල් ආනයනය නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ නැංවීමට අධිකාරියේ අනුමැතිය ලැබිය යුතුය. උදයජීව ඒකනායක
 

More News..