brand logo

පාස්කු ප්‍රහාරය ගැන 300කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගනී

10 January 2020

‍පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 300 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි. මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හා එම පැමිණිලිවලට සම්බන්ධ පාර්ශවයන්ගෙන් බව එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය. ඒ අනුව මේ වන විට පුද්ගලයින් 345 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ලබන මාර්තු මස 31 වනදා කොමිසමේ කාලය අවසන් වීමට නියමිතව ඇත. පාස්කු ප්‍රහාරයට අදාලව තවදුරටත් පාර්ශව රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.
 

More News..