brand logo

ජනපති කොමිසමට මුල්ම පැමිණිල්ල ටොප්ටෙන් එකෙන් මහින්ද යාපා කියයි

19 January 2019

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ වූ ආණ්ඩුවේ ගෙවුණු වසර හතරක කාලයේදී සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා වංචා පිළිබඳ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට යොමු කළ පළමු පැමිණිල්ල එම ආණ්ඩුවේ ඇමැතිවරුන් දස දෙනකුට එරෙහිව ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවැසීය. එම ආණ්ඩුව සමයේ සිදුවූ බව කියන දූෂණ හා චෝදනා සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට ‘වොප්මෙන්’ යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර එසේ සොයා ගත් තොරතුරු අනුව ඒවා මීට වසර දෙකකට පෙර අල්ලස් හෝ දූෂණ කොමිසමට ද භාරදී ඇත. අමාත්‍යාංශ දහයක සිදුවූ රුපියල් මිලියන එක්ලක්ෂ තිස්එක් දහසක (31,000) දූෂණ හා වංචා සිදුව ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, මලික් සමරවික්‍රම, ලක්ෂ්මන් කිරිඇල්ල, තලතා අතුකෝරල, පී. හැරිසන්, රාජිත සේනාරත්න යන අය එවකට දැරූ අමාත්‍යාංශවල මෙම වංචා දූෂණ සිදුව ඇති බව සඳහන් වේ. 2015 ජනවාරි මස 15 වැනි දින සිට 2018 දෙසැම්බර් 31 වැනි දින දක්වා සිදු වූ වංචා දූෂණ සෙවීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් පස් පුද්ගල සාමාජිකයන් පිරිසක් ජනාධිපතිවරයා විසින් පත් කළේය.
 

More News..