brand logo

ජනපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී - දැව සංස්ථාවේ හිටපු සභාපතිට විදෙස් ගමන් තහනම්

09 January 2019

රුපියල් මිලියන 20 ක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන සිද්ධියට අදාළ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දෑව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (09) නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම කළ ඉල්ලීමකට අනුවයි මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ. සැකකරුවන් විදෙස් ගත වීමට සූදානමක් ඇති බවට තොරතුරක් ලැබී ඇති බවට අල්ලස් කොමිසම එහිදී සදහන් කළා. එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයාට දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් කළ බව අල්ලස් කොමිසම ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.
 

More News..