brand logo

ජනපති අලුත් සහල් මංගල්‍යයට එක්වෙයි

04 April 2021

ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පැවතී අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙය 54 වන ජාතික අලුත් සහල් මංගල්‍යය යයි. එම අවස්ථාව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුව ඇත. සංවිධාන කටයුතු කෘෂිකර්ම අමත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් සිදුකර ඇත. උත්සවයට සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රධාන පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කරනු ලැබීය. අනතුරුව මැතිඇමතිවරුන් සහ ගොවීන් පාත්‍රයට අලුත් සහල් පිරවීමට එක්විය. මෙහිදී ආදිවාසි ජනයා සාම්ප්‍රදායිකව පූජාකරන මී පැණි බඳුන් ද ජනාධිපතිවරයා වෙත භාරකරනු ලැබීම සිදුවිය. එසේම අලුත් සහල් මංගල්‍යය නිමිත්තෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සම්පාදනය කළ සඟරාවේ මුල්පිටපත ද එහිදී ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය.
 

More News..