brand logo

අර්ජුනගේ කැබිනට් පත්‍රිකාවට ජනපතිගේ විරෝධය

08 August 2018

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබා දීම සඳහා ඇමති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ තම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුවද එම යෝජනාව නැවත සුදුසු ආකාරයට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් දී ඇති බවයි. ක්‍රිකට් පමණක් නොව රටේ සියලුම ක්‍රීඩාවන් මේ වනවිට විනාශ වෙමින් යන බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිසිවකු අත නොදෙන මොහොතක තමන් ඒ සඳහා මැදිහත් වූ නමුත් ඊට ඉඩ කඩ අහිමි වූ බවත් අර්ජුන ඇමතිවරයා අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව අද (08) මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා ‘‘මට මතකයි අපි ක්‍රීඩාකරන කාලේ ක්‍රිකට් ක්‍රීඩාවටත් මුදල් නැති කාලයක්. එදා ක්‍රීඩකයන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීල ඔවුන්ට ක්‍රීඩාකරන්න සහයෝගය ලබා දුන්නා. ඔවුන්ට ක්‍රීඩාවෙන් පස්සේ රැකියාවක් කරන්න හොද ක්‍රමවේදයක් හැදුවා. පස්සේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඒ අවස්ථාව දීල රටේ ක්‍රීඩාව ඉදිරියට ගේන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දෙන්න අවසර දෙන්න කියල හිටපු ක්‍රීඩා ඇමතිවරයා යෝජනාවක් කළා. එයත් ක්‍රියාත්මක නොවන නිසයි මම ඉදිරිපත් වුණේ. මම මගේ යුතුකම ඉටු කළා.
 

More News..