brand logo

ජනපති අපේක්ෂකයන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්

30 October 2019

ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් කිසිඳු ජනාධිපති අපේක්ෂකයෙකු රාජ්‍ය ආයතන තුළ නොපවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයින්ට දැනුම් දී ඇත. මැතිවරණ කොමිසමේදී ඊයේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් හා ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවේදී එම උපදෙස් ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. ජනාධිපතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ වැඩසටහන් ඇතැම් රාජ්‍ය ආයතනවල සිදුවන බවට පසුගිය දිනවල පැමිණිලි ලැබී ඇති බවද ද ඔහු සඳහන් කළ අතර ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව ඔහු සඳහන් කළේය.
 

More News..