brand logo

ජනපති අපේක්ෂකත්වය කොන්දේසි සහිතව සජිත්ට

25 September 2019

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධූරය නියෝජ්‍ය ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීන්දු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂයේ ජ්‍යෙඨෂ්ඨයන්ගේ හමුවකදී මෙම තීන්දුව ඒකමතිකව ගෙන ඇත. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට මූලික වශයෙන් ප්‍රධාන කොන්දේසිවලට එකඟවීය යුතු බවද සඳහන් කර ඇති අතර එම සියලු කොන්දේසිවලට එකඟ තාවයක් ලිඛිතව ලබාදිය යුතු බව දන්වා ඇත. මෙම යෝජනාවලට ලිඛිත එකඟතාවය පළකිරීමට සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ආරංචිමාර්ග සඳහන් කරන අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ද එකඟ වී ඇති බව වාර්තා වෙයි.  
 

More News..