brand logo

ජනපති අද අම්පාරේ

17 July 2020

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්රහණය තහවුරු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (17) අම්පාර දිස්ත්රික්කයේ චාරිකාවක නිරතව සිටී. චාරිකාව අරඹමින් පදියතලාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ප්රදේශවාසීන් කළ ඉල්ලීම අනුව පදියතලාව නගර මධ්යයේ මාර්ගය මංතීරු 04ක් ලෙස පුළුල් කරන්නැයි ජනාධිපතිතුමා මාර්ග සංවර්ධන අමාත්යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. කිරමාන, සේරංකඩ සහ මරංගල ගම්මානවල ජල හිඟයට විසඳුම් පිණිස අඹකැන්ඔය ව්යාපෘතියෙන් ජලය සැපයීමට කඩිනම් පියවර ගන්නා බව ජනාධිපතිතුමා දුන් නියෝගයට පිළිතුරු දෙමින් ජල සම්පාදන අමාත්යාංශයේ ලේකම් ආචාර්ය ප්රියත් බන්දු වික්රම මහතා පැවසීය. සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා හිටපු රාජ්ය අමාත්ය විමලවීර දිසානායක මහතාට උපදෙස් දුන්නේය. මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කළ ගැටළු විසඳීමට කමිටුවක් පත් කිරීමට ද තීරණය කෙරිණ. ප්රදේශයේ වැව් සහ සුළු වාර්මාර්ග ප්රතිසංස්කරණයට සහ වන අලි ගම්වැදීමේ ගැටළුවට විසඳුම් දීම පිළිබඳව ද සාකච්ඡා විය. රැකියා විරහිතභාවය ගැන ජනතාව ඉදිරිපත් කළ අදහස්වලට පිළිතුරු දුන් ජනාධිපතිතුමා සෞභග්යයේ දැක්ම ප්රකාශනයේ සඳහන් පරිදි මැතිවරණයෙන් පසු රැකියා ලක්ෂයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි පැවසීය. පුහුණු ශ්රමය වර්ධනය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිසට පැහැදිළි කළේය. දෙහි සහ ධාන්ය වගා ඇතුළු සිය අස්වැන්න අළෙවි කිරීමට ආර්ථික මධ්යස්ථානයක් ස්ථාපනය කරන ලෙස කළ ඉල්ලීමට ද ජනාධිපතිතුමාගේ ප්රතිචාරය පළ විය. ග්රාමීය ප්රදේශවල තාක්ෂණික පාඨමාලා නොතිබීම නිසා තරුණ පිරිස මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ. ඊට විසඳුම් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පාසල් නැවත ආරම්භ කරන ලෙස රැස්ව සිටි සිසුන් කළ ඉල්ලීම අධ්යාපන අමාත්යවරයා වෙත යොමු කරන බව ජනාධිපතිතුමා කීය. වෛද්ය තිලක් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට එක් විය. කීර්ති ශ්රී වීරසිංහ මහතා මහඔය, 69 හංදියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමා රැස්ව සිටී ගම්වාසීන් සමග සුහද කථා බහක නිරත විය. පාරම්පරිකව සහ රක්ෂිත ආශ්රිතව වගාව සඳහා භාවිත බලපත්ර නැති ඉඩම්වලට බලපත්ර නිකුත් කරන බව ජනාධිපතිතුමා ඔවුන් සමග පැවසීය. ප්රදේශයේ ජනතාව මුහුණ දී සිටින පානීය ජල ගැටළුව ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. මහඔය සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාට මහා සංඝරත්නය ආශිර්වාද කළහ. කොවිඩ් වෛරසය පාලනය කරමින් ජනතාව ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙළ උන්වහන්සේ අගය කළහ. කීර්ති ශ්රී වීරසිංහ මහතා සංවිධාන කළ හමුවට ආදිවාසී පිරිසක් ද සහභාගි වී සිටියහ. විමලවීර දිසානායක මහතා උහන, ප්රාදේශීය සභාව ඉදිරිපිට සංවිධාන කර තිබු ජන හමුවට ද රාජපක්ෂ මැතිතුමා සහභාගී විය. ප්රදේශයේ පුරන්ව ඇති අක්කර 300කට අධික වගාබිම් නැවත අස්වැද්දිමට ජලය සැපයීමටත්, වන ජීවි දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති ඉඩම් ජනතාවට පැවරීමටත් සැලසුම්කර ඇතැයි ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය. ප්රදේශ රැසක ජනතාව පීඩාවට පත්කරන පානීය සහ වගා ජල ගැටළුව අදාළ ආයතන සමග සාකච්ඡා කර කඩිනමින් විසඳීම රජයේ ප්රමුඛතාවක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. වී අස්වැන්න සහතික මිලට මිස අළෙවි නොකරන්නැයි ජනාධිපතිතුමා ගොවීන්ට උපදෙස් දුන්නේය. ප්රදේශ ගණනාවක පෙර පාසල් ගුරුවරු මුහුණ පා සිටින ගැටළු විසඳීමට දැනටමත් උපදෙස් දී ඇතැයි හිටපු රාජ්ය ඇමතිණි ශ්රියාණි විජේවික්රම මහත්මිය නාමල්ඔය, සල්ගස් හංදිය සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගීවෙමින් ජනාධිපතිතුමා ප්රකාශ කළේය. ප්රදේශයේ රැකියා විරහිත කාන්තාවනට ස්වයං රැකියා වෙත යොමුවීමට ක්රමයක් සලසා දෙන ලෙස ද රැස්ව සිටී පිරිස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. අම්පාර, නාමල්ඔය වැව ප්රතිසංස්කරණය කිරීමේ අවශ්යතාව ජනතාව පෙන්වා දුන්හ. විමලවීර දිසානායක මහතා අම්පාර නගර සභා හරිත උද්යානයේ සහ ඩබ්.ඩී. වීරසිංහ මහතා හිඟුරාන සතිපොළ භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවලට ද ජනාධිපතිතුමා සහභාගී විය. සේනා දළඹුවාගෙන් වගාවන්ට වූ හානි සඳහා වන්දි දීමටත්, අනවසරයෙන් එතනෝල් ආනයනයට තිත තැබීමටත් පියවර ගන්නා බව ජනාධිපතිතුමා රැස්ව සිටී පිරිස සමග පැවසීය. හිඟුරාන සීනි කර්මාන්ත ශාලාව යළි ඇරඹීම පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා වෙත ප්රසාදය පුද කළහ.
 

More News..