brand logo

ජනපති, අගමැති සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවෙයි

01 March 2019

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැත් වුණා. එම හමුවට එක් වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡාවට කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ද සහභාගී වූ මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී තිබුණා.
 

More News..