brand logo

ජනපතිවරණය ගැන නොකියන පොහොට්ටුව සමග කතා ඇදගෙන යන්න එපා - ජනපති

28 July 2019

ජනාධිපතිවරණය පිළිබඳ කතා නොකරන ලෙසත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡා කඩිනමින් අවසන් කරන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට දැනුම්දී ඇත. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ. මෙම මධ්‍යම කාරක සභාවේදී ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සුදුසු බව වූ යෝජනාවක්ද සම්මත කරගෙන ඇත. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙම මධ්‍යම කාරක සභාවට සහභාගි නොවූ අතර මෙතෙක් මධ්‍යම කාරක සභාවට සහභාගි නොවූ එස්.බී. දිසානායක, තිලංග සුමතිපාල සහ දුමින්ද දිසානායක සහභාගි වීමද විශේෂත්වයකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ආරම්භ කර ඇති සාකච්ඡාවල වත්මන් ප්‍රගතිය පිළිබඳ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස විසින් මධ්‍යම කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සහ ශාඛා සමිති ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත. උදයජීව ඒකනායක
 

More News..