brand logo

ජනපතිවරණයෙන් සජිත් පරදින බව සමීක්ෂණ හතරකින්ම තමන් දැන සිටි බව රනිල් ගාල්ලේදී කියයි

16 December 2019

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණ‍යෙන් පරාජය වන බව තමන් කල්තියාම දැනගත් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. ගාල්ලේ පැවැති රැස්වීමකදී එ.ජා.ප. නායකයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට පෙර සමීක්ෂණ හතරක් කළ බවත් ඒ සෑම සමීක්ෂණයකම ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස සිටියේ පසුපසින් බවය. ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර විශාල පරතරයක් තිබූ බවත් කී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට පෙර ගාල්ලට පැමිණි අවස්ථාවේදී ගාල්ල ගැන ටිකක් ප්‍රවේශම් වන්නැයි වජිර අබේවර්ධනට කී බවද පැවැසුවේය. තම උපදෙස් අනුව වජිර අබේවර්ධන කටයුතු කළ නිසා ගාල්ල ජයග්‍රහණය කළ කී හෙතෙම එසේ නොවුණානම් අම්පාර දක්වා කිසිම ආසනයක් ජයග්‍රහණය කිරීමට පක්ෂයට හැකියාව නොලැබෙන බවද කීවේය. යූ.එන්. තිලකරත්න-ගාල්ල
 

More News..