brand logo

ජනපතිට එරෙහිව පන්සල්වලට කැලෑ පත්තර තැපැල් කරන්නට ආ කිරිඇල්ලගේ ගෝලයන් තිදෙනෙකු කොටු

02 May 2019

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ලංකාව පුරා විහාරස්ථාන වලට බෙදාහැරීමට ගෙනා කැලෑ පත්තර සහිත ලිපි දහසකට ආසන්න ප්‍රමාණයක් කොළඹ මධ්‍යම තැපෑලට රැගෙන ආ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ බව කියන තිදෙනෙකු කොටුව පොලීසිය අද (02) සවස අත්අඩංගුවට ගෙන ඇත. එකවර ලිපි තොගයක් රැගෙන කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ මධ්‍යම තැපෑලට ආ තිදෙනො ගැන සැකසිතී කොටුව පොලීසියට දැන්වීමෙන් පසුව මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී මෙම කැලෑ පත්තර හමුවී ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයට දින දහයකට පෙර බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ගැන නොතකා මෙම වගකීම ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා මත පැමිණවීමට ජනාධිපතිවරයා පියවරගත් බවට කැලෑ පත්තර වල සටහන් කර ඇතැයි පොලීසිය කීය. අලවිල, ගල්වරාව පදිංචි ධනුෂ ප්‍රියදර්ශන, පොල්ගොල්ල ගංගා මාවතේ පදිංචි පටබැදිගේ තක්ෂිල විජේසේකර, වත්තේගම, නවරත්න පාර අංක 32/2 ලිපිනයේ පදිංචි සම්පත් කුමාර යන අය මෙහිදී අත්අඩංගුවට ගෙන දැනට ප්‍රශ්න කරමින් ඇත. තිස්ස රවින්ද්‍ර පෙරේරා    
 

More News..