brand logo

ජනපතිගේ සහයට මහ මැතිවරණයට එන මුරලිගේ සොහොයුරා

22 February 2020

මෙවර මහ මැතිවරණයේදී තමන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන බව හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරෙකු වන මුත්තයියා ප්‍රභාකරන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් අරමුණින් තමන් මහ මැතිවරණයට තරග කරන බවයි මුත්තයියා මහතා පැවසුවේ. නොර්වුඩ් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහළ නැංවීම තම අපේක්ෂාව බවද මුත්තයියා ප්‍රභාකරන් මහතා සඳහන් කළා.
 

More News..