brand logo

ජනතා හැසිරීම් නිරීක්ෂණයට විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක්

21 April 2020

ජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කාලසීමාව තුළ ජනතාවගේ හැසිරීම් නිරීක්ෂණය කර අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ ලබා දීම මෙහි අරමුණ වෙයි. සමාජ දුරස්ථතාවය ඉතා වැදගත් බවත්, ඇඳිරි නීතිය ඉවත් කළ පසු සමාජ සංචරණයක් ඇති වීම ගැටලුවක් බව ඔහු අවධාරණය කර සිටියේය. මෙම නිසා කොවිඩ්-19 වෛරසය පාලනයට බාධා ඇති විය හැකි බව ඔහු අවධාරණය කර සිටියි. රාජ්‍ය ආයතන පවත්වා ගෙන යෑම සඳහා සියයට 20ක කාර්ය මණ්ඩලයක් පළමුව කැඳවිය යුතු බව දැනුම් දී තිබේ. එම කාර්ය මණ්ඩලය ඉක්මවා පැමිණීම ද ගැටලුවක් විය හැකි බව තවදුරටත් ඔහු පෙන්වා දෙයි.   උදයජීව ඒකනායක    
 

More News..