brand logo

ජනතා ගැටළු හඳුනාගනිමින් විසඳුම් සෙවිය යුතුයි - රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල

16 September 2020

ජනතාවට ඇතිවන ගැටළු හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමට විද්‍යාත්මක පර්යේෂණ සිදුකළ යුතු බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමතිනී සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කරනවා. අමාත්‍යවරිය මේ සම්බන්ධව ප්‍රකාශකලේ මාළඹේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. තවද එම නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් සිදු කෙරෙන පර්යේෂණ කටයුතු හා නව පර්යේෂණ දැනුම තුළින් නිර්මාණය කරන ලද අගය එකතු කළ නිෂ්පාදන අමාත්‍යතුමියගේ විශේෂ අවධානයට යොමු වූ අතර, පර්යේෂණ සංකීර්ණයේ ස්ථාපනය කෙරෙන චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ජෛව තාක්ෂණ විද්‍යාගාර ව්‍යාපෘතිය යටතේ, නිර්මාණය වන ශාකසාර ඹෟෂධ නිෂ්පාදන පර්යේණාගාරයේ අවසන් අදියරේ ඉදිකිරීම් ආරම්භය ද අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවුණ බව වාර්තා වේ. වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ පර්යේෂණ හරහා ගොඩනැගෙන දැනුම පොදු ජනතාවගේ ජීවන තත්වය ඔසවා තැබීමට කොතරම් බලපානවා ද, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබා දෙන දායකත්වය කොතරම් ද යන්න විමසා බැලිය යුතු බවයි.
 

More News..