brand logo

ජනතා ගැටලු කියන්න දුරකතන අංක

28 March 2020

රට තුළ උද්ගතව ඇති හදිසි තත්ත්වය මත මහජනතාට මුහුණපෑමට සිදුවන අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව සහන සැළසීම සඳහා රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු,පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණ ඒකකයක් පිහිටුවා තිබේ. මෙම යාන්ත්‍රණය මගින් අපේක්ෂා කරනුයේ එදිනෙදා ජන ජීවිතය අඩාල නොවී සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමේ දී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා මගහැරවීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා පහත දක්වා ඇති දුරකතන හරහා තමන්ට පැන නැගී ඇති ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි. 0760 390 981, 0760 390 437, 0766527 589, 0760 390 732, 0760 390 563, 0760 390 754, 0712500031, 0766528068, 0760390564, 0760391461, 0760390725
 

More News..