brand logo

වෙළෙදපළේ ආහාර හිඟයක්

12 October 2020

ජනතාව හදිසියේ ආහාර රැස්කිරීම නිසා වෙළෙඳ පොළේ ආහාරවල හිඟයක් ඇතිවී තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ සංගමයේ ලේකම් ජී. නාදන් මහතා පවසයි. ඔහු පැවසුවේ සතියකින් අලෙවි වන ආහාර ද්‍රව්‍ය පසුගිය සතියේ දිනයකදී අලෙවි වී ඇත්තේ අනවශ්‍ය කලබලය නිසා බවයි. කොයි මොහොතේ හෝ තමන් වාසය කරන ප්‍රදේශයටද ඇඳිරි නීතිය පනවනු ඇතිය යන දෙගිඩියාව නිසා ආහාර රැස්කරගැනීමේ අවශ්‍යතාවක් ජනතාවට පැනනැගී ඇතැයි ඔහු සදහන් කරයි. මෙම හිඟය ලබන සතිය වනවිට යථා තත්ත්වයට පත්වන බවත් සහල් හැර අනෙක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිසිදු හිඟයක් ඇති නොවේය යන්න තම විශ්වාසය බවත් ජී. නාදන් මහතා සඳහන් කළේය. පෙර අවස්ථාවල මෙන් මාස ගණනකට අවශ්‍ය තොග රැස් නොකරන බවත් සතියකට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතිපතා ආනයනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.  
 

More News..