brand logo

ජනතාව රැස්වන සියලු තැන් තහනම්

06 October 2020

මිනුවන්ගොඩ ප්‍රදේශයේ වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් හේතුවෙන් ඇති වූ තත්ත්වය පාලනය කිරීමට මහජනතාව එක්රැස් වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවධාරණය කරනු ලබයි. ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත, සංදර්ශන, සැණකෙලි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශය නොවන රැස්වීම් ආදිය රටේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැක. රටේ දැනට පවතින තත්ත්වය අනුව, කොවිඩ්-19 පැතිරීම වැලැක්වීම සදහා ගනු ලබන ක්‍රියාමාර්ග වලට මහජනතාව ලෙස ඔබ වගකීමෙන් යුතුව ක්‍රියා කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි. පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදුකරන ආකාරය පිළිබදව ඔක්තෝබර් 31 දක්වා යාවත්කාලීන කරන ලද කාල රාමුව භාවිතා කරන්න. (කොවිඩ්-19 සම්ප්‍රේෂණය පිළිබදව නවතම තත්ත්වයන් වලට අනුව මෙම කාල රාමුව සංශෝධනය විය හැක.)
 

More News..