brand logo

මහ බැංකුව හොරා කාපු අය හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදනවා

13 February 2020

වෝහාරික වාර්තාව නෙවෙයි ජනතාව බලන් ඉන්නේ මහ බැංකුවේ හොරා කාපු අය හිරේට යන කල් යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල මාවතගම මැටි බොක්ක ප්‍රදේශයේ පැවැති B"ශේණියෙ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහනට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය. හාට් ඒකක් නැති මිනිස්සු තමයි හාට් එක ඉස්සරහට දාගෙන ඇවිල්ලා ඉන්නේ හදවතක් නැති මිනිස්සු මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය විනාශ කරපු රටේ ආර්ථිකය විනාශ කරපු රටේ මහ බැංකුව හොරා කාපු මේ අය තමයි හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදන්නේ ඒ නිසා මම හිතන්නේ ජනතාවට ඉතාමත්ම හොඳයි ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි හදවත් තියෙන නායකයා සහ පක්ෂය කොහෙද තියෙන්නෙ කියලා .. ඒ කාලේ චෝදනා නැතුව අපිව හිරේ දැම්මේ 2015 කලින් අපි වංචා කරලා තිබුන නම් ඔබ හිතනව ද අනුර දිසානායකලා අරලියගහ මන්දිරයේ ඉස්සරහා දොරෙන් ගිහිල්ලා චම්පිකලා රාජිතලා කරපු විනාශය කොමිෂන්වලට අවශ්‍ය ඔවුන්ගේ නිලධාරීන් දාගෙන කරපු දේශපාලන දඩයම ඔබ හිතනවද මෙවර ජනතාව විශ්වාස කරයි කියලා වෝහාරික වාර්තාව නෙවෙයි ජනතාව බලන් ඉන්නේ මහ බැංකුවේ හොරා කාපු අය හිරේට යන කල් ජනතාව බලා ඉන්නේ ඒ නිසා එක්සත් ජාතික පක්ෂය හිතනවා නම් 2015 ට කළින් කතා කතා කරලා බලයට ආවේ දැන් කතා කරනවා පහුගිය අවුරුදු පහ ගැන රටේ ජනතාව ඒ නිසා ඔය මඩ වලට රටේ ජනතාව නිසි උත්තර දෙයි ඉදිරි මැතිවරණයේදී මහින්ද මහත්තයාගේ හඬපට තියෙනවා වෙලා රංජන් රාමනායක කිව්වා ඒ පිළිබඳ ඔබේ අදහස..... මහින්ද මහත්තයාගේ තිබුනොත් ඉතා හොඳ හඬපට තමයි තියෙන්නේ කුණුහරප කියන්නේ නෑ මහින්ද මහත්තයා ඔය එක්සත් ජාතික පක්ෂයේ තියෙන මහින්ද මහත්තයා කතා කරා නම් බොහොම ආදරයෙන් ගෞරවයෙන් කතා කරන කතන්දර තියෙයි අපි අභියෝග කරනවා මහින්ද මහත්තයාගේ හඬ පට තියෙනවා නම් එළියට දාන්න කියලා හැබැයි එක්සත් ජාතික පක්ෂයේ ඔය කතා කරන කුණුහරප අපේ නායකයන්ගේ තියෙනවා කියලා මම කීයටවත් විශ්වාස කරන්නේ නැහැ ඒ වගේම මහ බැංකුව හොරා කාපු අය නිසි වෙලාවට ක්‍රමානුකූලව නීතියට එකඟව වෙයි අර යූඇන්පී එකේ වගේ කැලෑ නීතිය ගෙනෙන්නේ නැහැ ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට හැම කෙනෙකුටම මේ රටේ නීතිය අනුව ක්‍රියාත්මක වෙයි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඒ.එම්.ඩි අධිකාරී - පොල්ගහවෙල
 

More News..