brand logo

ජනතාව ගැන වගකීමක් නැති නිසා විපක්ෂය පරිපූරක ඇස්තමේන්තුවට ඉඩ දුන්නේ නෑ

21 February 2020

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට විපක්ෂය ඉඩ ලබා නොදුන්නේ ඔවුන්ට රටේ ජනතාව පිළිබඳව කිසිදු වගකීමක් නොමැති නිසා බව නිවාස පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. ආණ්ඩුව පරිපූරක ඇස්තමේන්තු යෝජනාව ගෙන ආවේ පාලකයින්ට වෙඩි නොවදින වාහන මිලදී ගැනීමට හෝ නළු නිලියන්ගේ බිල්පත්වලට මුදල් ගෙවීමට නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වත්මන් රජය පාලකයින්ගේ වියදම් කප්පාදු කරමින් ජනතා සහන ලබා දීමට එම මුදල් යොදවන බවත් අමාත්‍යවරයා පැවසීය. ජනාධිපතිවරයාට ලැබෙන පළමු අවස්ථාවේදිම පාර්ලිමේන්තුව විසුරුවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ හමුවකට අද (21) දින සහභාගී වෙමිණි. මෙම හමුව දිවුලපිටිය නෙත්මි හෝටලයේදී පැවැත්විණි. මෙම හමුවට ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ දිවුලපිටිය ආසනයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
 

More News..