brand logo

ජනතාව ඉල්ලන හොඳම අපේක්ෂකයා නැකතට අනුව නම් කරනවා

29 August 2019

තම පක්ෂය ඒකාධිපතිව කටයුතු නොකරන බවත්, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට නම් කීපයක් ඉදිරිපත් වී ඇති බවත්, ජනතාව ඉල්ලන හොඳම අපේක්ෂකයා නැකතට අනුව නම් කරන බවත් ඛණිජ සම්පත් හා මහා මාර්ග අමාත්‍ය හා එ.ජා.පක්ෂයේ සභාපති කබීර් හසීම් මහතා අද (29) දා ගින්ගත්හේන,දී පැවසීය. මහා මාර්ග අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාද මත අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් සංවර්ධනය කරන ලද නව මාර්ග රැසක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව පැවති ජන හමුවකදී අමාත්‍යවරයා එසේ කීවේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය. “මේක ප්‍රසිද්ධ රහසක් නොවෙයි. අද සියලු දෙනාම අහන දෙයක් තමයි අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කව්ද කියල. සජිත් ප්‍රේමදාස මහත්තය ඉල්ලනව. ඒක තමයි යතාර්තය. අපේ පක්ෂය විනයක් ගරු කරන, පක්ෂයේ නීති රීති ගරු කරන පක්ෂයක්. අපේ නායක තුමා අපේ පක්ෂය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කර තිබෙනවා. අපි පක්ෂය තුල මේක සෟජුවම සාකච්ඡා කරගෙන යනවා. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍ය, අපේ නායක තුමා පක්ෂය වෙනුවෙන් විවිධ අවස්ථාවන් වලදී කැප කිරීම් කර තිබෙනවා. 2010 දී එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැතිව අඩියක් පස්ට අරගෙන ජනාධිපති වරයා හැටියට සරත් ෆොන්සේකා මහත්තයා ඉදිරිපත් කළා. 2014 රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයා හැටියට එතුමාට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉල්ලන්න අවස්ථාව තියෙද්දී එතුමා අඩියක් පස්සට ගිහින් අපි වෙනත් පක්ෂයක මහ ලේකම් හැටියට හිටපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඒ අපේකෂකත්වය අපි ලබා දීල ඒ කැපවීම් කළා. මම විශ්වාස කරනව අගමැතිතුමා ඒවගේ අවස්ථාවල පක්ෂ ගැන හිතල ඒ ගත්ත තීරණය වගේම දැන් මේ රටේ අලුතෙන් එක්සත් ජාතක පක්ෂයට දිනන්න පුලුවන් පසුබිම හැදිල තියෙනව, මුලු රටම ඉල්ලනව අපි මේක දිනන්න ඕන නම් මොකද්ද කරන්න ඕන කියල. මම විශ්වාස කරනව අපේ පක්ෂයේ සියලු දෙනාම එකතුවෙලා අපේ නායක තුමා හෙට අනිද්දම හොඳම තීරණයක් ගනියි කියල. මම දන්වා අද සමහර පක්ෂවල අපේක්ෂකයා තෝරන්නේ ගෙදර කුස්සියේ. එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය ඒකයි. පවුලෙන් තමයි තීරණය කරන්නේ කව්ද අපේක්ෂකයා කියල. ගෙදර කුස්සියේ තොරගෙන ඇවිල්ල රැස්වීම්වල කියනව මේක ජනතා ඉල්ලීම කියල. පොහොට්ටුවේ අපේක්ෂකයව ඇතුලෙන් තෝරගෙන ගෙනල්ල ප්‍රකාශයක් කළා. එකම පවුලේ. නමුත් එ.ජා.පයේ අපි ජනතාව විසින් කරන ඉල්ලීම තමයි මේ රටේ රැව් දෙන්නේ. හැම තැනින්ම ඉල්ලන දේ තමයි එ.ජා.ප.ය හැමදාම කරන්නේ. අපි ඒක 2014 ත් කළා. මෙවර මම තමුන්නාන්සේලාට කියනව ඔබතුමන්ලා කරන ලද ඉල්ලීම මත එ.ජා.ප.ය දිනන අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරල ඔබ වෙනුවෙන් මේ රටේ ජනතාවගේ හැඟිම තේරෙන, ඔබ වෙනුවෙන් බලාපොරොතුතු ඉටු කරන්න පුලුවන්, ඔබත් අවුරුදු ගණනාවක් ලබාගෙන සිටිය ඔබව නැගිට්ටවන්න පුලුවන් ඒ නියකව පත් කරනව කියල මම කියන්න කැමතියි. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් එ.ජා.ප. ප්‍රධාන සංවිධායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස, අඹගමුව ප්‍රාදේශිය සභාවේ උප සභාපති අජන්ත නෙළුම් කුමාර යන මහත්වරුන් ඇතුලු එම ප්‍රාදේශිය සභාවේ එ.ජා.පක්ෂ මහජන නියෝජිතයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ. හැටන් චන්දන ජයවීර
 

More News..