brand logo

ජනතාවට පානීය ජලය ලබාදෙන ජලාශයක මළසිරුරක්

17 January 2022

හැටන් නගරයට ජලය බෙදා හැරීම තාවකාලිකව නතර කරයි

හැටන් සිංගිමලේ රක්ෂිත ජලාශයේ තිබි පිරිමි මල සිරුරක් අද (17) පෙරවරුවේ සොයා ගත් බව හැටන් පොලිසිය පවසයි. දරවල ඉහල කොටස ප්‍රදේශයේ තේ වත්තේ සේවය සදහා ගමන් කරමින් සිටි කම්කරුවෙකු දැක ඒ බව වතු අධිකාරිවරයාට දැනුම් දි ඇති අතර, පසුව වතු අධිකාරිවරයා විසින් පොලිසිය දැනුවත් කර තිබේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට දරවල තේ වත්ත ඉහල කොටසේ පුද්ගලයන්ට නොහැකි වු අතර මහෙස්ත්‍රාත් පරික්ණනයෙන් පසු දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහලේ අධීකරණ වෛද්‍ය පරික්ෂණයක් සදහා යොමු කිරිමට නියමිතය. මෙම ජලාශය සිංගිමලේ රක්ෂිත වනානාතරයේ ජල පෝෂක උල්පත්වලින් පෝෂණය වන අතර ජල සම්පාදන හා ජල ප්‍රවාහණ මණ්ඩලය සතු ජලාශයකි.එහි ජලය හැටන් නගරයේ පානීය ජලය සපයා ගන්නා ජල මුලාශ්‍ර අතරින් එකකි. හැටන් නගරයේ පානීය ජලය සපයා ගැනිම සදහා ඉන්වරි ප්‍රදේශයේ ජලමුලාශ්‍රය හා මෙම සිංගිමලේ රක්ෂිතයේ ජලාශයේ ජලය සපයා ගැනීම සිදුකෙරේ.

හැටන් ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගික මධ්‍යස්ථානයේ ස්ථානාධිපති ජානක හේරත් මහතාගෙන් කල විමසීමක දි පැවසුවේ එම ජලාශයේ ජලය ලබා ගැනීම තාවකාලිකව නවතා දමන බවත් ජලය සම්බන්ධයෙන් නිසි වාර්තාවක් ලබාගන්නා තුරු ඉන්වරි ජලමුලාශ්‍රයේ ජලය පමණක් බෙදා හැරිමට තීරණය කල බවත්ය.

මරණකරු පිරිමි පුද්ගලයෙක් වන අතර සිරුරේ මතුපිට තුවාල කිසිවක් දක්නට නොවිය.ඔහු වයස අවුරුදු 35 ත් 40 අතර විය හැකි බව සිරුර දුටු පුද්ගලයන් පැවසීය. සිදුධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය ඉදිරි පරික්ෂණ පවතිවයි. චන්දන ජයවීර - හැටන්
 

More News..