brand logo

ජනතාවට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

12 May 2021

ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. අද (12) රාත්‍රී 11 සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ. එසේම හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා අඛණ්ඩව (මැයි 14, 15, 16) රට පුරා ක්‍රියාත්මක වන පරිදි සංචරණය අත්හිටුවීමට ද කටයුතු කෙරිණි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් පළාත් සීමා අතර ගමන් කිරීමට අවසර හිමි ව තිබේ. ඒ අනුව අවසර හිමිවන අත්‍යවශ්‍ය සේවාවන්, *සෞඛ්‍ය සේවා *පොලීසිය හා ත්‍රිවිධ හමුදාව *අත්‍යවශ්‍ය නිල සංචාර සඳහා රාජ්‍ය අංශයේ නිලධාරීන් *අත්‍යවශ්‍ය සැපයුම් බෙදාහරින්නන් *අත්‍යවශ්‍ය සේවා සපයන්න් (උපයෝගිතා සේවා) *පවුලේ ආසන්නතම සාමාජිකයෙකුගේ අවමංගල්‍යයක් සඳහා (තහවුරු කිරීම අනිවාර්ය වේ) *විදේශගත වීම / විදේශයක සිට පැමිණීම් හෝ ආනයන / අපනයන කටයුතු සඳහා අවශ්‍ය සේවාවන් (තහවුරු කිරීම අනිවාර්ය වේ)

මේ අනුව අද දින සිට මැයි 31 වනදා දක්වා වලංගු මාර්ගෝපදේශයන් පහත පරිදි වේ.....

 

More News..