brand logo

ජනතාවට තවත් සහනයක් අහිමිවෙයි

04 January 2022

අයවැය යෝජනාවෙන් මිලියන 90ක් පාඩුයි ජල ඒකක 25ට අඩුවෙන් පරිභෝජනය කරනු ලබන ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා ජල බිල්පතට ලබාදුන් 10%ක වට්ටම අත්හිටුවා තිබෙනවා. 2014 අයවැය යෝජනාවට  අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මෙම සහනය නිසා මාසිකව රුපියල් මිලියන 90ක අලාභයක් සිදුවන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජල බිල්පත් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ. එම අලාභය සලකා බලා ජලබිල්පත සඳහා ලබාදෙන 10%ක වට්ටම අත්හිටවූ බවද ඔහු පැවසුවා. ජල පහසුකම් ලබාගෙන ඇති ගෘහස්ථ පාරිභෝගිකයින් 75%ක් පමණ ජල ඒකක 25%කට අඩුවෙන් භාවිත කරනු ලබන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.  
 

More News..