brand logo

ජංගම වෙළඳාම් වල යෙදුනු අයෙකුට කොරෝනා

02 November 2020

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් නගරයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. මෙලෙස වසා දමා ඇත්තේ පාතහේවහැට මාරස්සන නගරයයි. එම නගරයේ සියලු වෙළඳසැල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ මාරස්සන නගරයේ හා අවට ප්‍රදේශ වල ජංගම වෙළඳාම් වල යෙදුනු පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් වයි. ඔහුගේ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
 

More News..