brand logo

ජංගම රසායනාගාර සේවාවක් අරඹන්නැයි ඉල්ලීමක්

03 November 2020

ක්ෂේත්‍රයට ගොස් පරීක්ෂණ කළ හැකි ජංගම රසායනාගාර සේවාවක් කඩිනමින් ආරම්භ කරන්නැයි රසායනාගාර විද්‍යාඥයන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි. ජංගම රසායනාගාර සේවාවක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා ස්වේච්ඡා බළකායක් ලෙස වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන් ලබාදිය හැකි බව සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි. මෙම ජංගම රසායනාගාර සේවාව මගින් ක්ෂේත්‍රයේ සිටින කොවිඩ් ආසාදිතයන් විශාල වශයෙන් හඳුනාගත හැකි වන බවද පෙන්වා දෙයි. දෙසැම්බර් මාසය පමණ වන විට කොවිඩ් රෝගීන් සඳහා වන ප්‍රතිශක්තික එන්නත් ලබාදීමේ අපේක්ෂාවක් ඇති බැවින් එම පුද්ගලයන්ගේ ප්‍රතිදේහ වර්ධනය වීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහාද ප්‍රතිශක්තික ප්‍රතිදේහ පරීක්ෂණ ක්‍රමවේද රට තුළ ස්ථාපි කර තිබීම අත්‍යවශ්‍ය බවද ඔහු පවසයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..