brand logo

ජංගම දුරකථන ඔස්සේ කළ මහා පරිමාණ ණය වංචාව

07 January 2021

ජංගම දුරකථන සහ පරිගණක යෙදුම් (Apps) හරහා නීති විරෝධී ආකාරයෙන් සිදුකර ඇති මහා පරිමාණ ණය වංචාවක් නිසා ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් කැලඹීමට පත්ව ඇත. හයිද්‍රාබාද් සහ සයිබරාබාද් පදනම් කරගෙන සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් ඔස්සේ අනාවරණය වී ඇති ආකාරයට ගූගල් ප්ලේ (Google play) යෙදුම (Apps) හරහා මෙම අනවසර ණය ලබාදීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක වී තිබේ. මෙම නීතිවීරෝධී ඇප්ස් (Apps) හරහා මෙලෙස ණය ලබාදීම් සිදුකර ඇති අතර දැනට අනාවරණය වී ඇති ආකාරයට ඉන්දීය රුපියල් ​කෝටි 21,000ක් පමණ ණය නිකුත් කර ඇත. ගූගල් ප්ලේ යෙදුම් පදනම් කර ගනිමින් නීතිවිරෝධී කටයුතු සඳහා යොදාගත් තවත් පරිගණක සහ ජංගම දුරකථන යෙදුම් (Apps) 224ක් පමණ මේ වන විට පොලිසිය හඳුනාගෙන ඇත. මෙම වංචාවට සම්බන්ධ චීන ජාතිකයන් තිදෙනකු ඇතුළු තිහකට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ණය ආපසු අයකර ගැනීමේදී සිදුකර ඇති තර්ජනය කිරීම් සහ අධික පොලිය හේතුවෙන් පුද්ගලයන් 15 දෙනකු පමණ මේ වනවිට සියදිවි නසාගෙන ඇති බවද වාර්තා වේ. නයන තරංග ගමගේ
 

More News..