brand logo

ජංගම දුරකථනය සොරාගත් සැමියාට බිරියගෙන් පිහි ඇනුම් පහර

23 August 2020

  අඹු සැමියන් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව බිරිය විසින් සැමියාට පිහියෙකින් ඇන තුවාල සිදුකර පලාගොස් ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා. හිඟුරක්ගොඩ නගර මධ්‍යයේදී ඉකත් සිකුරාදා(21) සිදුවූ මෙම පිහියා ඇනුමෙන් තුවාල ලැබූ පුද්ගලයා තිස් හැවිරිදි වියේ පසුවන අයෙකු බවත් ඔහු ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇතැයිද පොලීසිය සඳහන් කරනවා. සැමියා බිරිඳට අයත් ජංගම දුරකථනයක් සොරා ගත් බව කියන සිද්ධියක් මේ ආරවුලට මුල්වී ඇති බවත් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට සහ සූදුවට ඇබ්බැහිවූ අයෙකු බවත් පොලීසිය සිදුකල මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. බිරිය සැමියාට පිහියා ඇනුම කර ඇත්තේද හිඟුරක්ගොඩ නගරයේ පිහිටි රේස් බුකියක් ඉදිරිපිටදී බවද වාර්තා වනවා. එක් දරු මවක වන සැකකාර කාන්තාව අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.
 

More News..