brand logo

ඡන්ද මෙහෙයුම අවසානයේ බැසිල් රෝහල්ගතවෙයි

23 November 2019

බැසිල් රාජපක්ෂ පසුගිය බ්‍රහස්පතින්දා සවස හදිසියේ ම පෞද්ගලික රෝහලක නැවතුණේ, අධික වෙහෙසත්, දිගින් දිගටම නිදි වැරීමත් නිසා හටගත් ආතතිය නිසා ය. මේ බව දැනගත් වහාම අගමැති මහින්දත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුනුත්, ඊට සහාය පළ කරන අනෙකුත් පක්ෂවල මන්ත්‍රීවරුනුත් එම රෝහල වෙත ගියහ. බැසිල්ගේ සුවදුක් බැලූ මන්ත්‍රීවරුන් පිටතට පැමිණ දිගින් දිගටම කතා කළේ, බැසිල් ගැන ය. ‘‘ජනාධිපතිවරණයේදි අපි කාටවත් වඩා වැඩියෙන් මහන්සි වුණේ බැසිල්...’’යැයි රොෂාන් රණසිංහ කියද්දී, ප්‍රසන්න රණතුංග එය අනුමත කළේ ය. නිමල් ලන්සා ද මහින්ද සමග කීවේ, බැසිල්ගේ කරමත පැටවුණු බර ඇතැම්විට ඔහුට ඔරොත්තු නොදෙන තරම් බර වූ බව ය. ‘‘අයියලා දෙන්නෙක් ජනාධිපති කළ බැසිල් ගැන ඉතිහාසය ලියැවෙන්නෙ වෙනම විදියකට...’’එවිට තවත් අයෙක් කියද්දී මහින්ද ද එය අනුමත කළේ ය.
 

More News..