brand logo

ඡන්ද මධ්‍යස්ථාන 08 ක වෙනසක්

06 July 2020

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 712න් මධ්‍යස්ථාන 8ක් වෙනස් කිරිමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතා පැවසිය. සෞඛ්‍යා රක්ෂිතක්‍රම යටතේ ඡන්ද මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට පසුගිය මැතිවරණවලදි භාවිතාකල මෙම මධ්‍යස්ථාන අට ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොමැති  නිසා මෙසේ වෙනස් කිරිමට පියවර ගත් බවද නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා පැවසිය. ඒ අනුව කරන්දෙණිය මැතිවරණ කොට්ඨාසයේ ආයුර්වේද බෙහෙත්ශාලා ගොඩනැගිල්ලේ ඡන්ද මධ්‍යස්ථානය මහඒදණ්ඩ දුරවත්ත ශ්‍රි සෝභිත භාවනා සෙනසුනේ ස්ථාපිත කිරිමටත්, බලපිටිය මැතිවරණ කොට්ඨාසයේ කන්දේගොඩ මහා විද්‍යාලයේ ශාලා අංක 1  ඡන්ද මධ්‍යස්ථානය කන්දේගොඩ සෙලුත්තරාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේත්  කන්දේගොඩ මහ විද්‍යාලයේ ශාලා අංක 2 ඡන්ද මධ්‍යස්ථානය කන්දේගොඩ ශ්‍රි නාග  පුෂ්පාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවෙත් ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇත. ගාල්ල මැතිවරණ කොට්ඨාසයේ ඇත්තිලිගොඩ නගර සභා පෙර පාසලේ ඡන්ද  මධ්‍යස්ථානය කනම්පිටිය පුරාණ භාවනා මධ්‍යස්ථානයේත් රත්ගම මැතිවරණ කොට්ඨාසයේ කැකිල්ලමණ්ඩිය ස.ණ.ස සමිති ශාලාවේ ඡන්ද මධ්‍යස්ථානය  කැකිල්ලමණ්ඩිය ශ්‍රි සුමනාරාම විහාරස්ථානයෙත් පිහිටුවිමට පියවර ගෙන ඇත. හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ හප්පාවන නිල සෙවණ කාර්යාලයේ ඡන්ද මධ්‍යස්ථානය විජය විද්‍යාලයේද දිගොඩ ප්‍රජා ශාලාවේ ඡන්ද මධ්‍යස්ථානය පරගොඩ රජමහා විහාරයේ ධර්ම ශාලාවේද කෝඹල කණිෂ්ඨ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය කෝඹල වනවාසි විහාරස්ථානයේ ධර්ම ශාලාවේද ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති බවත් ඒ පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බවත් නියෝජ්‍ය මැතිවරණ  කොමසාරිස් කේ.යු.චන්ද්‍රලාල් මහතා පැවසිය ගාල්ල ගැමුණු චන්ද්‍රලාල් .
 

More News..