brand logo

ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය ඇරඹෙයි

15 November 2019

හෙට පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කර ඇත. මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය. අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වන අතර ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇත. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර ඇති අතර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි පනස්නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
 

More News..