brand logo

ඡන්ද පැමිණිලි ඉදිරිපත් කරන්න දුරකථන අංක කීපයක්

02 July 2020

පාර්ලිමේන්තු මැතිවරණය 2020 නිරීක්ෂණ කටයුතු සඳහා සියල්ල සූදානම් බව පැෆරල් සංවිධානය පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ඊයේ (1 වැනිදා) හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්‌යේෂණායතනයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මැතිවරණ කටයුතු පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට ඒ ඒ පළාත් සඳහා දුරකථන අංක ප්‍රසිද්ධ කර ඇති අතර ජාතික මට්ටමින් පැමිණිලි ඉදිරිපත් කිරීමට ද අංකයක් ප්‍රසිද්ධ කර ඇත. 011-25585570, 0112558574 යන දුරකථන අංක ඔස්සේ මැතිවරණ කටයුතු සම්බන්ධ ඕනෑම පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක. මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳ අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මෙසේ පැවසීය. මැතිවරණ දිනයේ ස්ථානගත නිරීක්ෂකයන් 3000ක් යෙදවීමට අදාළ පුහුණුවීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එම පිරිස තෝරාගත් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සිදු වන අතරතුරදී ඒවායේ තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 200ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා නිරීක්ෂකයන් 1000ක් යොදවනු ඇත. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන යෙදවීමට අපේක්ෂා කරන අතර සමස්ථ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා 5000ට වැඩි පිරිසක් යෙදවීමට කටයුතු කරනවා. සෝබා ඩී. කෝලියවංශ
 

More News..