brand logo

ඡන්ද ප්‍රතිඵලයි මහින්දගෙ උපන්දිනෙයි එකම දවසේ

12 November 2019

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද සිය ධුර කාලයේ අවසන් සතිය සාමකාමීව සහ නිහඬවම ගතකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය සතියට යෙදුණු ‘යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවය’ ඔහු ජනාධිපතිවරයා වශයෙන් සහභාගි වන අවසන් උත්සවය විය හැකි ය. ඊළඟ ජනාධිපතිවරයා, සේනාධිනායකයා තෝරාගැනීම සඳහා වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීම එළඹෙන සෙනසුරාදාට, එනම් නොවැම්බර් 16 වැනිදාට යෙදී ඇති අතර මැතිවරණ කොමිසම පවසන ආකාරයට එහි අවසන් ප්‍රතිඵලය නොවැම්බර් 18 වැනිදාට නිකුත්වනු ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන්දිනය යෙදී ඇත්තේ ද එදිනට ය. ඒ අනුව ඡන්ද ප්‍රතිඵලය ‘ගෝඨාභයගේ ජයග්‍රහණය’ නම් එය ඔහුට අමතක නොවන ‘උපන්දින තෑග්ගක් වීම’ නොවැළැක්විය හැකි ය.
 

More News..